CCTV දත්ත හරහා රථවාහන වැරදිකරුවන්ට දඩ

January 18, 2024 - 11:59 AM
රථ වාහන ආලෝක සංඥා ඇතුළු මාර්ග සංඥා ⁣නොතකා රිය ධාවනය ගැන ආරක්ෂිත කැමරා පද්ධතිවල සටහන් වන දත්ත අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට පියවර ගන්නා බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කරනවා.

ඒ අනුව මෙම ක්‍රියාමාර්ගය ලබන සඳුදා (22) සිට ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.

එහිදී රථවාහන වැරදිකරුවන් සොයා බලා දඩ පත්‍රිකා වාහනයේ ලියාපදිංචි හිමිකරුගේ ළඟම ඇති පොලිස් ස්ථානය වෙත යැවීමට නියමිතයි.

මේ අතර, මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සදහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිවූ බවයි.
(lknews.lk)