වේයන්ගොඩ පොලීසියේ ගින්නක්
December 31, 2024 - 4:30 PM
වේයන්ගොඩ පොලිස් ස්ථානයේ ලිපි ද්‍රව්‍ය ගොඩ ගසා තිබූ කාමරයක අද (31) දහවල් කාලයේදී ගින්නක් ඇති වී තිබෙනවා.
මේ හේතුවෙන් රථවාහන අංශය, ප්‍රජා පොලිස් ඒකකය, ළමා හා කාන්තා කාර්යාංශය සහ පරිසර ඒකකය පවත්වාගෙන ගිය කාමරවලටද දැඩි අලාභ හානි සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ අදාළ ගබඩාවේ තිබූ සියලු ලිපි ද්‍රව්‍ය සහ පැරණි ලේඛන විනාශ වී ඇති බවයි.
ගින්නෙන් කිසිවෙක්ට හානියක් වී නොමැති අතර ගම්පහ නගරයේ ගිණි නිවන ඒකකය විසින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
(lknews)