සිවිල් පුරවැසියන් සඳහා ලබාදුන් ගිනි අවි නැවතත් රජයට

December 20, 2024 - 11:16 AM
ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුරවැසියන්ට ලබාදුන් ගිනි අවි සහ පතරොම්වලින්  85% ක්ම බලපත්‍රලාභීන් විසින් නැවත රජයට බාරදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ජීවිත ආරක්ෂාව සඳහා එක් පුද්ගලයෙක්ට එක් ගිනි අවියක් පමණක් ලබා දෙන බවත් එය බුද්ධි වාර්තාව මත පදනම්ව සිදු කිරීමට නියමිත බවයි.

එමෙන්ම මේ දක්වා බාර නොදුන් ගිනි අවි 2025 ජනවාරි මස 20 වන දිනට පෙර භාර දීමට කටයුතු කරන ලෙසද ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

ගිනි අවි බාරදීමේ අවසන් දිනය 2024 දෙසැම්බර් 31 වන දින බවට ප්‍රකාශ කර තිබුණා.

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පැවසුවේ නියමිත දිනට පෙර සංගණනයට හා විගණනයට  ඉදිරිපත් නොවන ගිනි අවි ළඟ තබා ගන්නා බලපත්‍රලාභීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.

(lknews)