ඉන්දියාවෙන් පළමු HMPV වෛරස් ආසාදිතයා සොයා ගැනේ

January 06, 2025 - 5:31 PM
චීනයේ පැතිරෙමින් තිබෙන HMPV වෛරස ආසාදිතයෙක් ඉන්දියාවෙන් පළමුවරට සොයාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ ඉන්දියාවේ බැන්ග්ලෝර්හි මාස 8ක් වයසැති බිළිඳෙක් වන බවයි.

පෙනහලු සහ ශ්වසන මාර්ගයට බලපාන මෙම වෛරසය කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට සහ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්ට වැළඳීමේ ඉඩකඩ වැඩි බව වෛද්‍යවරුන් පෙන්වාදී තිබෙනවා.

කෙසේ නමුත් ඉන්දියානු වෛද්‍යවරුන් සඳහන් කළේ මෙය එතරම් බරපතළ තත්ත්වයක් නොවන බවයි.

(lknews)