ඉන්දියාවේ සංගීත වැඩසටහනක පළමු තැන ශ්‍රී ලංකාවට

December 18, 2023 - 11:14 AM
ඉන්දියාවේ - තමිල්නාඩුවේ ජනප්‍රිය පෞද්ගලික රූපවාහිනියක් විසින් පවත්වනු ලැබූ සංගීත වැඩසටහනක ජයග්‍රාහකයා බවට පත් වීමට මෙරටින් සහභාගී වූ කිල්මිෂා සමත් වුණා.

මීට මාස කිහිපයකට පෙර ආරම්භ වූ මෙම සංගීත වැඩසටහනට ලංකාවෙන් දෙදෙනෙක් සහභාගී වුණා.

එලෙස අශානි නම් දියණියක් සහ කිල්මිෂා මෙම වැඩසටහනට සහභාගි වෙමින් තම දක්ෂතා එළිදැක්වූ අතර මෙයින් කිල්මිෂා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර අශානි අවසන් මොහොතේ තරගයෙන් ඉවත් වීමට සිදු වුණා.

මෙහි අවසන් මහා තරගය පැවැත්වුණේ ඊයේ (17) චෙන්නායි නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීයි.
(lknews.lk)