Gaganyaan මෙහෙයුමේ පළමු පරීක්ෂණය සාර්ථකයි

October 22, 2023 - 10:49 AM

ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය 2025 දී ගගනගාමීන් අභ්‍යවකාශයට රැගෙන යාමට සැලසුම් කර ඇති මෙහෙයුමට පූර්ව පරීක්ෂණයේ පළමුවැන්න සිදු කර තිබෙනවා.

Gaganyaan අභ්‍යවකාශ යානය ඊයේ (21) මෙරට පස්වරුවේ Sriharikota සිට අභ්‍යවකාශ ගතකළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රොකට්ටුව ක්‍රියා විරහිත වුවහොත් කාර්ය මණ්ඩලයට ආරක්ෂිතව රොකට්ටුවෙන් ගැලවිය හැකිද යන්න උත්සහ කිරීම සඳහා මෙම පරීක්ෂණය පවත්වා තිබෙනවා.

පළමු පරීක්ෂණ මෙහෙයුම සාර්ථක වූ බව ප්‍රකාශ කිරීමට ලැබීම ගැන ඉතා සතුටට පත්වන බවයි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) සභාපති S. Somanath කියා සිටියේ.
(lknews.lk)