මාළු මිල පහළට

January 18, 2024 - 11:44 AM
මාළු තොග මිල සියයට 50 කින් පමණ පහත වැටී ඇති බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණ ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ජයසිරි වික්‍රමාරච්චි කියා සිටියේ මාළු මිලදී ගැනීම සඳහා පවතින ඉල්ලුම අඩුවීම මීට හේතුව බවයි.

මේ අතර පසුගිය 15 වැනිදා මාළු මිල තරමක ඉහළ අගයක පෙන්නුම් කළා.

එහිදී තලපත් 1 kgක මිල රුපියල් 1500ක් ලෙස සටහන් වූ අතර හුරුල්ලා 1 kgක මිල රුපියල් 600ක් හා අලගොඩුවා 1 kgක මිල රුපියල් 900ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.
(lknews.lk)