Flash back සංගීත කණ්ඩායම අනතුරක - ඊශ්‍රායලයේ දී වේදිකාවක් කඩා වැටෙයි

September 24, 2023 - 4:05 PM
ඊශ්‍රායලයේ පැවති ෆ්ලෑශ් බෑක් සංගීත කණ්ඩායමේ ප්‍රසංගයක් අතරතුරදී අනතුරක්  සිදුව තිබෙනවා.

ඒ,සංගීත ප්‍රසංගය පැවැත්වෙන අවස්ථාවේදී වේදිකාවේ ඉහළ කොටසක් කඩා වැටීමෙන්.

එම අවස්ථාවේදී ගීත ගායනා කරමින් සිට ඇත්තේ ගායන ශිල්පිනී රයිනි චාරුකායි.

සිද්ධියෙන් පිරිසකට තුවාල සිදුව ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් අනතුරෙන් Flashback සංගීත කණ්ඩායමේ කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බව සඳහන්.

ඒ පිළිබඳව ෆ්ලෑශ් බෑක් සංගීත කණ්ඩායමේ නිල Facebook ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
(lknews.lk)
Open photo