ගංවතුර අවදානම තවදුරටත්

May 25, 2024 - 1:18 PM
අත්තනගලු ඔය ද්‍රෝණිය සහ කළු ගඟෙහි කුඩා ගඟ උපද්‍රොණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය මැයි 20 වන දින නිකුත් කළ ගංවතුර නිවේදනය අද (25) රාත්‍රී 9 දක්වා දීර්ඝ කර ඇති බවයි.

ඒ අනුව මෙම තත්වය දැඩි සැළකිල්ලට ගෙන කටයුතු කරන ලෙස අදාළ ප්‍රදේශවල ජනතාවට දැනුම් දෙන අතර එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ට ද සැළකිලිමත් වන ලෙස දැනුම් දී තිබෙනවා.
(lknews.lk)