ගංවතුර අවදානම ඉහළ යයි

May 29, 2024 - 8:55 AM
අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා ද දීර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම තත්වය ගැන දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස පහත්බිම්වල වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව එම ප්‍රදේශවල මාර්ග සහ අතුරු මාර්ගවල ගමන් කිරීමේදී ආරක්ෂාකාරී වන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)