ගංවතුර අනතුරු ඇඟවීම් ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කෙරේ

November 30, 2024 - 7:18 PM
දැදුරු ඔයේ සහ මහවැලි ගඟේ නිම්න සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම නිවේදනයේ සඳහන් වන්නේ එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශය හරහා වැටී ඇති මාර්ග මෙන්ම විශේෂයෙන් අතුරු මාර්ගවල ගමන් ගන්නා වාහන පදවන්නන් හට දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ එම නිවේදනය පහතින්,



(lknews.lk)