ඇෆ්ගනිස්ථානයේ ගංවතුරෙන් 60 දෙනෙකුට දිවි අහිමි වෙයි

May 11, 2024 - 12:35 PM
ඇෆ්ගනිස්ථානයේ හදිසි ගංවතුර හේතුවෙන් 60 දෙනෙකු මිය ගොස් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව තලේබාන් බලධාරීන් පවසනවා.

අධික වර්ෂාපතනය හේතුවෙන් බග්ලාන් පළාතේ දිස්ත්‍රික්ක පහක පුද්ගලයන් කිහිපදෙනෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අබ්දුල් මතීන් කානි පවසා ඇත්තේ බොහෝ මරණ වාර්තා වී ඇත්තේ බග්ලාන් පළාතේ බෝර්කා දිස්ත්‍රික්කයෙන් බවයි.

(lknews)