සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීමට අවධානය

December 17, 2023 - 4:55 PM

මෙරට ආර්ථිකයෙන් සියයට 50කට වඩා වැඩි දායකත්වයක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම රජය ප්‍රමුඛ කාර්යය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඒ අනුව ඔහු පැවසුවේ 2024 අයවැය මගින් අදාළ ව්‍යවසාය නගා සිටුවීමට වෙන්කර ඇති රුපියල් බිලියන 30කට අධික ප්‍රතිපාදන ණය යෝජනා ක්‍රම වෙනුවෙන් යෙදවීමට රජය පියවර ගන්නා බවයි.

එමෙන්ම, අමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් වෙන් කර ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙනුවෙන් ඇපකර ලබා දීම සඳහා වන ආයතනය ජනවාරි මාසයේ දී මුදල් අමාත්‍යාංශය යටතේ අරඹන බව ද අමාත්‍යවරයා පැවසුවා.
(lknews.lk)