කොත්තු සහ ෆ‍්‍රයිඩ් රයිස් මිල ඉහළට

December 31, 2023 - 11:57 AM
හෙට (01) දිනයේ සිට රට පුරා ආපනශාලාවල ආහාර මිල ගණන් ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඔවුන් නිවේදනය කළේ, කොත්තු හා ෆ‍්‍රයිඩ් රයිස් රුපියල් 25කින්, කිරි තේ එකක් රුපියල් 15කින්, ප්ලේන්ටියක් රුපියල් 5කින්, කෙටි කෑම කෙටි කෑම රුපියල් 10කින් ඉහළ නංවන බවයි.

VAT බද්ද ඉහළ නැංවීම හේතුවෙන් ආපන ශාලාවල යෙදවුම්වල මිල ඉහළ යාම නිසා මෙම පියවර ගෙන ඇති බව සඳහන්.
(lknews.lk)