උතුරු ගාසාවේ ආහාර ගැටලුවක්

February 21, 2024 - 10:07 AM
උතුරු ගාසා තීරයට ආහාර බෙදා හැරීම නවතා දැමීමට ලෝක ආහාර වැඩසටහන තීරණය කර තිබෙනවා.

ආහාර බෙදා හරිනු ලබන ලොරි රථ ඉලක්ක කර වෙඩි ප්‍රහාර එල්ල වීම හා ඒවා කොල්ලකෑම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය ඉරිදා උතුරු ගාසාවට ආහාර රැගෙන ගිය රථ පෙළක් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවත් ලොරි රථ කිහිපයක් කොල්ලකා එහි රියදුරන්ට පහර දී ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
(LKNEWS)