මෝදිට කළින් විදෙස් ඇමති ජයශංකර් ලංකාවට

June 19, 2024 - 12:21 PM
නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් හෙට (20) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහායි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරය අතරතුර ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය තහවුරු වුණා.

(lknews)