ජනවාරි මස විදේශිකයින්ගේ පැමිණීම ඉහළට

February 01, 2024 - 1:59 PM
2024 වසරේ ජනවාරි මාසය තුළදී මෙරටට පැමිණි විදේශිකයින් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා ගොස් තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, ජනවාරි පළමු දින සිට ජනවාරි 30 දක්වා කාලය තුළ දිවයිනට සංචාරකයින් 201,687 දෙනෙකු පැමිණ ඇති බවයි.

ඉන් බහුතරයක් සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර බ්‍රිතාන්‍ය, ජර්මනිය සහ රුසියාව යන රටවල් වලින්ද සංචාරකයින් පැමිණ තිබෙනවා.

එමෙන්ම පසුගිය වසරේ දෙසැම්බර් මාසය තුළද මෙරටට විදේශිකයින් ලක්ෂ 2 ඉක්මවා පැමිණ තිබුණා.
(lknews.lk)