විදෙස් ගමන් බලපත්‍ර ගාස්තුව ඉහළට

February 01, 2024 - 11:25 AM
අද සිට ක්‍රියාත්මක වන පරිදි විදෙස් ගමන් බලපත්‍ර ගාස්තුව දෙගුණයකින් ඉහළ දමා තිබෙනවා.

රුපියල් 5,000ක්ව පැවති සාමාන්‍ය සේවා විදෙස් ගමන් බලපත්‍ර ගාස්තුව රුපියල් 10,000ක් දක්වා ඉහළ දමා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, මෙම මිල සංශෝධනය මාර්ගගත සහ මාර්ගගත නොවන අංශ දෙක සඳහාම වලංගු වන බව බවයි.

ඒ අනුව රුපියල් 50ක්ව පැවති අවම ගාස්තුව රුපියල් 150ක් දක්වා ඉහළ දමා ඇති අතර දුම්රිය මඟින් ප්‍රවාහනය කරනු ලබන භාණ්ඩ සහ පාර්සල් සඳහාද අයකරනු ලබන මිල ගණන් ද ඉහළ දමා තිබෙනවා.
(lknews.lk)