විදේශ ප්‍රේෂණ ඉහළ යයි

June 08, 2024 - 4:18 PM
විදේශ ප්‍රේෂණ ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළා.

ඒ අනුව පසුගිය මාසයේ විදේශ ප්‍රේෂණ ඇමෙරිකා ඩොලර් මිලියන 544ක් ඉක්මවා ඇති බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම මෙම වසරේ ජනවාරි සිට පසුගිය මාසය දක්වා සමුච්චිත අගය ඇමෙරිකා ඩොලර් මිලියන 2624ක් බව එහි වැඩිදුරටත් දැක්වෙනවා.

එය 2023 වසරේ ජනවාරි - මැයි කාලය සමඟ සැසඳීමේදී 11.8%ක වැඩිවීමක් බව සඳහන්.

(lknews)