හිටපු සෞඛ්‍ය ඇමතිට විදෙස් ගමන් තහනමක්

February 01, 2024 - 4:22 PM
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තහනම පනවා තිබුණා.

ඒ අනුව අධිකරණය වැඩි දුරටත් නියෝග කර ඇත්තේ හෙට දිනයේ පෙරවරු 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසයි.
(lknews.lk)