හිටපු අතිරේක ලේකම්වරයෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරයි
April 28, 2025 - 5:57 PM
දූෂණ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අද (28) අත්අඩංගුවට ගත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙක් වූ මහේෂ් ගම්මන්පිල රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ 2021 වසරේදී චීනයේ Qingdao Seawin Biotech නම් සමාගමකින් ගෙන්වන ලද පොහොර තොගයක් සම්බන්ධයෙනි.
අදාළ සමාගමෙන් මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියට අනුකූල නොවන කාබනික පොහොර තොගයකට 75%ක මුදලක් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 6.9කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවීමෙන් රජයට පාඩු කිරීමේ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අදාළ අතිරේක ලේකම්වරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
එහිදී කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු එළැඹෙන මැයි මස 05වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.
(lknews.lk)