හිටපු CCD අධ්‍යක්ෂක නෙවිල් සිල්වා යළි රිමාන්ඩ්
December 13, 2024 - 5:53 PM
කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා දෙසැම්බර් 20 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ රුපියල් කෝටි 14ක් වටිනා මැණික්, වාහන ඇතුළු දේපළ තොගයක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන සිද්ධියක් ගැන කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව එම දේපළ ඒක පාර්ශිකව පැමිණිලිකරුට ලබාදීම සම්බන්ධයෙන්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අද (13) රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රතනපුර මහේස්ත්‍රාත් සමන් ඩී. කේ. බරනලියනගේ විසින් මෙම නියෝගය ලබා දී තිබෙනවා.
(lknews.lk)