හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා සජබයට එක්වෙයි

January 04, 2024 - 2:18 PM

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය සමග එක් වුණා.

ඒ අනුව ඔහුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නාත්තන්ඩිය ආසන සංවිධායකවරයා ලෙස පත් කර තිබෙනවා.

නව වසර ආරම්භයත් සමග විවිධ පක්ෂවල පිරිස් සමගි ජනබලවේගයේ වැඩපිළිවෙළ සමග එක්වීමට පටන්ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)