හිටපු ඇමති ලොහාන් රත්වත්තේට ඇප

December 09, 2024 - 3:08 PM
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ ඔහුව අද (09) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

බීමතින් රිය ධාවනය කර අනතුරක් සිදු කිරීම සහ අගතියට පත් පාර්ශවයට තර්ජනය කිරීම යන චෝදනා සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාව කොල්ලුපිටිය පොලීසිය විසින් පසුගිය 06 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.

(lknews.lk)