හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ පොතක් ලියයි

March 06, 2024 - 5:06 PM
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 'ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය' නමින් කෘතියක් රචනා කර තිබෙනවා.

2022 වසරේ දී තමන්ට මුහුණදීමට සිදු වූ අභියෝගය පිළිබඳව එම කෘතියේ සඳහන් කර ඇති බව හිටපු ජනපති පවසනවා.

මෙම කෘතිය හෙට (7) නිල වශයෙන් එළිදැක්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.
(lknews.lk)