හිටපු ජනපති ඇමෙරිකාවට

February 15, 2024 - 1:05 PM
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14) ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් මහත්මිය මුණගැසී තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් සකස් කරන සන්ධානය පිළිබඳව ඇතුළු ද්විපාර්ශවික කරුණු සම්බන්ධව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

එම සාකච්ඡාවේ මීළඟ පියවරයන් ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් පිරිසක්ද එක් වී තිබෙනවා.
(LKNEWS)