හිටපු ජනාධිපති මෛත්‍රීපාල CIDයෙන් පිටව යයි

April 21, 2025 - 5:12 PM
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නික්ම ගොස් තිබෙනවා.

ඒ දේශපාලනඥයින් ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකුට ජනාධිපති අරමුදලෙන් අරමුදල් සැපයීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.

ඒ අනුව පැය කිහිපයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නික්ම ගොස් තිබෙනවා.


(lknews.lk)