හිටපු ජනපති රනිල් මන්මෝහන් සිංට සිය අවසන් ගෞරව දක්වයි

December 27, 2024 - 4:39 PM
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අද (27) එක් වී තිබෙනවා.

ඒ මේ දිනවල නිරත වන ඉන්දීය සංචාරය අතරතුරදීයි.

එහිදී ඔහු විසින් මන්මෝහන්ගේ බිරිඳ වන ගුර්ශරන් කෞර් කෝලි වෙතද ශෝකය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටි ඉන්දීය විපක්ෂ නායක රාහුල ගාන්ධි සමඟද ඔහු කෙටි සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

(lknews)