හිටපු ජනපතිවරයෙක්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට ස්ථාන මාරුවක්

May 01, 2025 - 2:20 PM
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලීසිය වෙත මාරු කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශයි.

අද (01) සිට බලපැවැත්වෙන පරිදි මෙම ස්ථාන මාරුව සිදුකර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසනවා.

එමෙන්ම පොලීසිය සඳහන් කළේ මේ සඳහා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව ඇති බවයි.

ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ වසර 23ක් පුරාවට රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක ඒකකයේ කටයුතු කල අතර රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස වසර 15ක්ද සේවය කර තිබෙනවා.


(lknews.lk)