අත්අඩංගුවට ගත් ලංගම හිටපු සභාපතිට ඇප

April 29, 2025 - 4:11 PM
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙක් වන එල්.ඒ. විමලරත්න තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබෙනවා.

ලංගමේ හිටපු සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (29) අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ මැණික් ගඟ රක්ෂිතයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ඉදිකර ඇති රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළවයි.


(lknews.lk)