සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අත්අඩංගුවට

June 26, 2025 - 1:14 PM
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (26) උදෑසන ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව බවයි වාර්තා වන්නේ.


(lknews.lk)