හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය

February 26, 2024 - 10:54 AM
හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට නිල වශයෙන් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා දී ඇති බව  ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසන් වුඩ් පසුගියදා ප්‍රකාශ කළා.

ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින්.

එමෙන්ම තිලකරත්න ඩිල්ෂාන් එරට ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී මෙහෙයක් සිදු කරනු ඇති බවට බලාපොරොත්තු වන බවද එම සටහනේ වැඩිදුරටත් සඳහන් වුණා.
(lknews.lk)