මෝටර් රථ තරගාවලියකින් සිව් දෙනෙක් මිය යයි

March 25, 2024 - 12:44 PM
උතුරු භංගේරියාවේ මෝටර් රථ තරගාවලියක් අතරතුර සිදු වූ අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ තවත් 8 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම අනතුර සිදුව ඇත්තේ, මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට විසි වී ගොස් නරඹන්නන් සිටින ස්ථානයක ගැටීමෙන්.
(lknews.lk)