බෝට්ටුවක් පෙරළීමෙන් විදේශිකයෙකු ඇතුළු සිව්දෙනෙකු අතුරුදන්

November 19, 2023 - 3:46 PM
මාරවිල, මුහුදුකට්ටුව ප්‍රදේශයේ දී මුහුදට ගිය බෝට්ටුවක් පෙරළී යාමෙන් ජපන් ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකු අතුරුදන් වී ඇති බව පොලිසිය පවසනවා.

අතුරුදන් වී ඇති බව කියන බෝට්ටුවේ හිමිකාරිනිය වන මාරවිල - උතුරු මූදුකටුවේ පදිංචි ශ්‍රියානි ජීවනී ප්‍රනාන්දු යන අය විසින් ඒ බව අද (19) අලුයම 03.30ට පමණ මාරවිල පොලීසියට දැනුම් දී තිබෙනවා.

ධීවර කටයුතුවල යෙදී සිටින අතරතුර ඇති වූ වැසි සහිත කාලගුණය සමඟ බෝට්ටුව මුහුදේ පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)