දුම්රිය ගමන්වාර හතරක් අවලංගු කරයි

April 19, 2024 - 9:32 AM
මේ මාසයේ 25 වනදා දක්වා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර දෙකක් සහ කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය පාලන අධිකාරිය පවසන්නේ දුම්රිය බලවේග කට්ටල නොමැතිවීම හේතුවෙන් මෙලෙස ගමන්වාර හතරක් අවලංගු කිරීමට තීරණය කළ බවයි.

ඒ අනුව පෙ.ව 7.02ට කොළඹ කොටුවේ සිට රාගම දක්වා ධාවනය වන දුම්රියත් පෙ.ව 7.30ට රාගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන දුම්රියත් අවලංගු කර තිබෙනවා.

එමෙන්ම කැළණිවැලි මාර්ගයේ පෙ.ව 5.20ට පාදුක්කේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියත් ප.ව 7.15ට කොටුවේ සිට පාදුක්ක දක්වා ධාවනය වන දුම්රියත් මෙලෙස අවලංගු කර ඇති බව වාර්තා වනවා.

(lknews.lk)