රටවල් 07කට මෙරටට පැමිණීමට නිදහස් වීසා

November 28, 2023 - 9:09 AM
වහාම ක්‍රියාත්මකවන පරිදි චීන, ඉන්දියානු, ඉන්දුනීසියානු, රුසියානු, තායිලන්ත, මැලේසියානු සහ ජපන් ජාතිකයන් සදහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. 
ඒ අනුව ලබන 2024 වසරේ මාර්තු මස 31වැනිදා දක්වා මෙය ක්‍රියාත්මක බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. 
 
2023.10.24 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතියට සමගාමීව සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීම සදහා නියමු වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බව ද එහි සඳහන්. 
 
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්...
(lknews.lk)