විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ටත් නොමිලේ දිවා ආහාරය

April 03, 2024 - 1:53 PM
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉගෙනුම ලබන පාසල් 27ක් සඳහා දිවා ආහාරය පිරිනැමීමට රජය පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02) පවසා තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්.
(lknews.lk)