ලබන වසරේදී පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ

November 27, 2023 - 6:18 PM
ලබන වසරේ සිට පාසල්වල ගැහැණු ළමයින් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඔහු මේ බව පැවසූවේ අද (27) පාර්ලිමේන්තුවේදීයි.

මෙම වැඩසටහන ආයතනික සමාජ වගකීම් (CSR) ව්‍යාපෘතියක් වනු ඇති බවයි අමාත්‍යවරයා පැවසූවේ.
 
එහි නියමු ව්‍යාපෘතියක් ලෙස ගැහැණු ළමයින් ලක්ෂ තුනකට සනීපාරක්ෂක තුවා ලබා දෙන බවත් පසුව ගැහැණු ළමයින් ලක්ෂ 10කට පමණ  සනීපාරක්ෂක තුවා ලබාදීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)