විජයකලා මහේෂ්වරන්ට නිදහස

October 19, 2023 - 1:58 PM
ඇප මත මුදාහැර සිටි හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කර තිබෙනවා.

මෙම නියෝගය ලබාදී ඇත්තේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

2018 වසරේ කොටි සංවිධානය යළි නගාසිටුවිය යුතු බවට ප්‍රකාශයක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්ට මීට පෙර ඇප නියම කළා.
(lknews.lk)