ඉන්ධන මිල ගණන්ද ඉහළ යාමක් - හෙට ප්‍රකාශයට

October 01, 2023 - 1:19 PM
මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිතයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ මිල සංශෝධනය හෙට රාත්‍රී ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි.

මිල සූත්‍රයට අනුව සෑම මසකම පළමු වන දින ඉන්ධන මිල සංශෝධනය සිදුකෙරුණා.

කෙසේවෙතත් අද ඉරිදා දිනයක් බැවින් එම මිල සං‍ශෝධනය සිදුනොවූ අතර එය අනිද්දා දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පවතින තත්ත්වය යටතේ ඉන්ධන මිල ගණන්ද ඉහළ දැමෙනු ඇති බවයි වාර්තා වන්නේ.

පසුගියදා මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳ විමර්ශනය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත පිරිසද බදු හා ගාස්තු ඉහළ නංවා රජයේ ආදායම් වර්ධන කළ යුතු බව රජයට නිර්දේශ කර තිබෙනවා.
(lknews.lk)