ජනකට එල්ල වූ මරණීය තර්ජන ගැන තවදුරටත් විමර්ශන

October 19, 2023 - 3:07 PM
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායකට එල්ල වූ මරණීය තර්ජන සම්බන්ධයෙන් විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශයට (CCD) භාරදී තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවයි. 
 
ජනක රත්නායක සඳුදා (ඔක් 16) කිරුළපන පොලිසියට පැමිණිල්ලක් කර තිබුණේ තමන්ට මරණීය තර්ජන කර මුදල් ඉල්ලා ඇති බවයි. 
 
ඔහු මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ මේ වසරේ මැයි මාසයේදී පාර්ලිමේන්තුවේදී යෝජනාවක් සම්මත වීමෙන් පසුවයි. 
 
රත්නායක මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර විදුලි බිල සංශෝධන, විදුලිය විසන්ධි වන කාලසීමාව ඇතුළු විවිධ කරුණු සම්බන්ධයෙන් ඇතිවූ මතගැටුම් කිහිපයකින් පසුව මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
(lknews.lk)