ප්‍රදේශ කිහිපයකට තවදුරටත් නායයෑමේ අනතුරු ඇගවීම් දීර්ඝ කරයි

December 29, 2023 - 8:45 AM

දිස්ත්‍රික්ක කිහිපයකට අද (29) පස්වරු 2.30 දක්වා බලපැවැත්වෙන පරිදි නායයාමේ පූර්ව නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල , හාලි ඇල, සහ බණ්ඩාරවෙළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිල්ලෙන් පසුවන ලෙසයි සඳහන් කර ඇත්තේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණතොට සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අවදානම් කලාපයක් ලෙස නම් කර තිබෙනවා.

එසේම මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම, සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට විමසිල්ලෙන් පසුවන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
(lknews.lk)