ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තවදුරටත්

February 19, 2024 - 11:23 AM
රාගම දුම්රිය ස්ථානය ආසන්නයේ දී ඊයේ (18) සිදු වූ දුම්රිය පීලි පැනීම හේතුවෙන් අද දිනයේදීත් දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

මෙලෙස පීලි පැනීමට ලක් වූයේ බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබු උඩරට මැණිකේ සිඝ්‍රගාමී දුම්රියයි.

ගම්පහ සහ රාගම අතර තවදුරටත් දුම්රිය ධාවනය වන්නේ තනි මංතීරුවේ වීම හේතුවෙන් මෙලෙස සියලු දුම්රියන් ප්‍රමාදයක් සහිතව ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
(lknews.lk)