ලිට්‍රෝ ගෑස් මිල වැඩි කරයි

January 01, 2024 - 3:21 PM
ලිට්‍රෝ ගෑස් මිල අද (01) සිට වැඩි කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 685කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,250ක්.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 276කින් වැඩි කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,707ක් වනවා.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 127කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 795ක් බව සඳහන්.
(lknews.lk)