රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වර්ජනයක් හෙට

January 23, 2024 - 2:45 PM
හෙට (24) පෙරවරු 8.00 සිට දීප ව්‍යාප්ත වර්ජනයක නිරත වීමට තීරණය කළ බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ ජනවාරි වැටුපට රුපියල් 35,000 දීමනාව (DAT) එකතු නොකිරීමට විරෝධය පළ කරමින් බවයි එම සංගමය පැවසුවේ.

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණසිටීමේ දීමනාව (DAT) ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා.

ඒ එම දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු සකස් කර තිබුණ ද අනුමත ප්‍රතිපාදන සීමාව තුළ මහා භාණ්ඩාගාරය විසින් අක්මුදල් ලබාදීමට කටයුතු කර නොමැති වීම හේතුවෙන්.

ඒ අනුව භාණ්ඩාගාරය වෙතින් මෙම ගැටලුව නිරාකරණය කරගන්නා තෙක් වැඩිකරන ලද රුපියල් 35,000ක මුදල ගෙවීම තාවකාලිකව අත්හිටුවන ලෙසට සෞඛ්‍ය ලේකම්වරයා විසින් තමන්වෙත දැනුම්දී ඇති බවයි ලිපියක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
(lknews.lk)