ගාල්ල කොටුවට ඇතුළුවීමේදී ටිකට් කඩන්නේ නැහැ - විදුර වික්‍රමනායක

December 06, 2023 - 5:09 PM
ගාල්ල කොටුවට ඇතුළුවීමේදී සංචාරකයින්ට ටිකට් පතක් නිකුත් කිරීමට කිසිඳු අදහසක් නොමැති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

ඒ අනුව මුදල් අය කිරීම සිදුකරනු ලබන්නේ කෞතුකාගාරය සහ සුවිශේෂී ස්ථානවලට පමණක් බවයි අද (06) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එම මුදල් අය කරන්නේද කඩත්තු කටයුතු සිදු කිරීමට බවත් කොටු පවුර නායයෑමේ අවදානමක පැවතීම හේතුවෙන් එය නඩත්තු කළ යුතු බවයි.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මේ බව සඳහන් කළා.
(lknews.lk)