ගාල්ල – දඩල්ලේ වෙඩි තැබීමට 04ක් අත්අඩංගුවට

November 19, 2023 - 3:32 PM

ගාල්ල – දඩල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් ඉදිරිපිට දී ඊයේ (18) සිදු කළ වෙඩි තැබීමේ සිද්ධිය ට අදාළ ව සැකකරුවන් 04දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සිද්ධියට ආධාර අනු බල ලබා දීම ඔවුන්ට එල්ල වී ඇති චෝදනාවයි.

සැකකරුවන් පිටිදූව, හීනටිගල හා බෝගහගොඩ ප්‍රදේශවල දී ඊයේ රාත්‍රී කාලයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් වයස අවුරුදු 24ත් 33ත් අතර වයස්වල පසු වන හබරාදුව හා උණවටුන ප්‍රදේශයේ පදිංචිකරුන්.
(lknews.lk)