ගාලු කොටුව මාර්ගය ගිලා බසී

April 09, 2025 - 1:01 PM
ප්‍රසිද්ධ සංචාරක පුරවරයක් වන ඓතිහාසික ගාලු කොටුවේ රැම්පාට් වීදියේ කොටු පවුර ආසන්න මාර්ගයේ කොටසක් ගිලා බැස තිබෙනවා.

මෙලෙස ගිලා බැස ඇත්තේ අඩි පහක පමණ විෂ්කම්භයකින් යුක්ත අඩි දහයක කොටසක් බවයි වාර්තා වන්නේ.


මේ හේතුවෙන් රැම්පාට් විදියේ ගිලා බැස ගිය කොටස වසා දැමීමට බලධාරින් පියවර ගෙන තිබෙනවා.

මින් පෙර මෙම ස්ථානයේ ගිලා බැසීමේ සලකුණු තිබුණු බවත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් කිහිපවිටක් දැනුවත් කළ බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළා.


(lknews.lk)