ගම්පහ රෝහලේ සී.ටී.ස්කෑන් යන්ත්‍රය අක්‍රීය වෙයි

February 22, 2024 - 5:03 PM
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි සී.ටී.ස්කෑන් යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මාසයක පමණ කාලයක සිට මෙම තත්වය පැවතීම මත හදිසි අනතුරුවලට ලක්වන රෝගීන් මෙන්ම හදිසි පරීක්ෂණ කිරීමට පැමිණෙන රෝගීන් රාගම සහ කොළඹ ජාතික රෝහල් වෙත මාරුකර යැවීමට සිදුව ඇති බව ඔවුන් පවසනවා.

මෙම ස්කෑන් යන්ත්‍රය ඔවුන්ට ලැබී ඇත්තේ, මීට වසර කිහිපයකට පෙරයි.

මේ වන විට ඊට යෙදිය යුතු කොටසක් සවි කළ යුතුව තිබුණද අදාළ සමාගමෙහි වගකීම් කාලය අවසන් බැවින් වාර්ෂික සේවා ගිවිසුම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අත්සන් නොකිරීම නිසා අලුත්වැඩියා කිරීම පමාවී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මෙම තත්වය කෙරෙහි අවධානය යොමු කොට එය අලුත්වැඩියා කිරීමට අදාළ බලධාරීන් අවශ්‍ය පියවර ගත යුතු බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.
(lknews.lk)