ලිට්‍රෝ ගෑස් මිල වැඩිවෙයි

October 04, 2023 - 3:16 PM
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ රජය විසින් අනුමත කරන ලද මිල සූත්‍රය මත පදනම්වයි.

ඒ අනුව ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල පහත පරිදි සංශෝධනය කර තිබෙනවා.

එම මිල ගණන් පහත පරිදී...

12.5KG ක සිලින්ඩරයක 343කින් ඉහළට - නව මිල රුපියල් 3,470ක්.

5KG ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 137කින් ඉහළට - නව මිල රුපියල් 1,393ක්.

2.3KG ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 63කින් ඉහළට - නව මිල රුපියල් 650ක්.
(lknews.lk)